ජොන්-පියේර්
බලා සිටියා ද ඔබ
ජොන්-පියේර්
ජොන්-පියේර්
භයංකර හුදෙකලා
සමය එනතුරු ම
අපි අපිදු ගුහා ගත වන තුරා
නික්ම යන්නට මෙලෙසෙ
නිහඬව ම....
නිහඬව ම....
අපේ කුදුබව නිතර
හදවතට කියා දෙන
මේ මහා කඳු
අතර
ඔබේ කටහඬ යලිඳු
නින්නාද නැඟෙන්නෙ ම නැද්ද?
ඉදින් අපි මෙ සන්සුන් වැව ඉවුරෙ
යළි කිසිම
දවසක
මුණ ගැහෙන්නම
නැද්ද?
අහිමිවුණු හංසයා
මෙ වැව් දිය මතු දිනෙක
දකින්නට ලැබෙන්නෙ ම නැද්ද?
2020 මැයි 06
2020 මැයි 06

No comments:
Post a Comment