Wednesday, 21 September 2016

අජ්ජා



අජ්ජාගෙයි මගෙයි පත්තරකාර අද්දැකීම් ‘මෙමුවා‘ වකට ගත යුතු යැයි මම සිතමින් ඉන්නෙ. දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුව තෙක් ද, ගාලු මුවදොර ඉඳන් සංගමන් කන්ද දක්වා ද, ගොඩිබිමට යා නොවූ බත්තලංගුන්ඩුවේ සිට කොකිලායි දක්වා ද, අප දෙදෙනා පය නොගැසූ තැනක් නැතුවා තරම්. ඒ නම් ‘මෙමුවා‘ වත තැබිය යුතු අද්දැකීම් සම්භාරයෙක්.

අජ්ජා තවමත් සක්රිය පත්තරකාරයෙක්. වයසින් අප දෙදෙන සමාන්තර වුවත් වෘත්තීමය වශයෙන් ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයෙක්. තවමත් අභිතව කඳුළු ගෑස් ප්‍රහාරයන්ට හා ජල ප්‍රහාරයන් මැද තම කැමරාව ළෙලවන්නෙක්. ඔහුගේ දැන් දැන් පින්තූර වඩ වඩා පරිසමාප්තියට පත්වෙමින් තියෙන්නෙ කියලා මට හිතෙනවා.  

මේ සියල්ලටම පරයා නැඟෙන අජ්ජාගේ සජීවි ලකුණු තුනක් තියෙනවා.

1. ආදරයෙන් ඇළලෙන මඳහස.

2. වනචරකමින් ඇවිලෙන බැල්ම.

3. සන්තානයේම ඇමිණෙන කඳුළ.

මචං,

බඩේ බැඳපු ෂොට්ටෙක වාසනාවන්
අපේ පරණ සැට්ටෙක වාසනාවන්
උඹේ යාළු ෆිට්ටෙක වාසනාවන්
අනේ නුවර බස්සෙක වාසනාවන්

වෙඩ්ඩා
2016 සැප්තැම්බර් 21

Wednesday, 31 August 2016

මාක් රිබෝගේ සමුගැන්මේ වේදනාව මැද






















දහක් අවි අමෝරා ගත්
සෙබල සෙනඟ මැද
මලක් ඔව්,
මලක් මැවු පිළිරාව....

මූණිස්සමට එරෙහි
මලක් ඇස පැළඳ වූ
ඔව් රිබෝ
නුඹයි ඒ
හදක් තිබු කැමරාව...

-2016 අගෝස්තු 31 







Tuesday, 31 May 2016

කදෝකිමියෙකුගේ ක්ෂුද්‍ර කටහඬ





















සඟවන් ඉන්න බැරිතැන
මනරම් අරුත් පසිඳන
මැදියම් රැයෙහි අහසට
තරු ඇස් කෙවෙනි අග්ගිසි
උණුහුම් තුෂර ඉහිමින්
කෙතරම් හිනා වෙන්නෙද?

ඉහිලුම් නොදෙන කවියක
ඉසියුම් තැනක නතරව
හොරැහින් බලන තරුවක
පපුවෙන් නැඟෙන කටහඬ
අඳුරින් පිරුණු කුටියට
කවිකම් කියා දෙන්නෙද?


-2016 මැයි 31

Saturday, 13 February 2016

‘තිස්සසිරි‘ මතකය



චාමින්ද නාගොඩවිතාන මිත්‍රවරයා හදිසි පණිවිඩයක් එවල තිබ්බ මං නැඟිටිද්දි..‘‘මචං තිස්සසිරි පෙරේරා නැතිවෙලා, මතකද උඹට අපි දවසක් පානදුරේ හොර පොට් එකක සෙට්වුණා..‘‘ 

තිස්ස අයිය අසනිපෙන් හිටියෙ කියල දැනන් හිටිය හින්දා පණිවිඩේ ක්ෂණික කම්පනයක් නොවුණෙ, ඔහු අසනීප වෙලැයි කියල දැන ගැනුණු මොහොතෙ ඉඳන් දිගමට ඔහු වෙනුවෙන් හදවතේ හිටිවැටුණු කොටස එහෙම්ම හිරිවැටිල තිබුණු හින්දා. චිරාත් කාලෙක ඉඳන් තිස්ස අයියව පානදුරේ වරින් වර දැකල තිබුණ. 1993 වගේ ඈතක අරුක්ගොඩ ‘රුක්ගහ තොටුපලේ‘ හිටපු විශාකා තිරිමාන්න කියන සහෝදරිය කරපු තනි පුද්ගල ප්‍රසංගයට මං ඇයට ලියල දුන්න ගීත දෙකක සංගීතය කළේ තිස්සසිරි පෙරේරා. මං ඒ ප්‍රසංගය නරඹපු හින්දා දන්නවා ඒ දෙකත් හරිම රමනීය තනු. නමුත් මං ඒ කාලෙ ඔහු එක්ක කතා කරලා තිබුණෙ නෑ. 

නමුත් තිස්ස අයියව ළඟ ළඟ හමුවුණෙ චාමින්දය කියන ඔය ‘හොර‘ පොට් එකේ තමයි. හැබැයි අනිවාර්යෙන්ම රෑ 12න් පස්සෙ. තිස්ස අයියා සංගීත වැඩක් කරලා කොහේ හරි සෙට් වෙලා මදිපාඩුව හරිගස්ස ගන්නෙ මෙතන. මමත් ලියවිලි රාජකාරි කරල කොහෙ හරි සෙට් වෙලා අර දේ ම කරන්න එනව ඔතනට. නමුත් මේ හොර පොට් එක පානදුර ටවුම ගැන දන්න හැමෝම දන්නව. මට අනුව නම් හරිම සුන්දර තැනක්. ‘සෝමපානය’ පිණිස ම වෙන්කරපු ඒ ගෞරවනීය අවකාශයෙ බාරකාර අයිතිකාර ස්ත්‍රී මට නම් ‘මහා නවකතාවක්‘. මේ කියන රෑ වරුවෙ එතනින් ‘ටේකවේ‘ ගන්න පුළුවන් වුණාට ගේ ඇතුළට ගන්නෙ එහෙමත් කෙනෙක්. ඔය ගේ ඇතුළට යන්න වරම් තිබුණ ගෞරවනීයම පුරවැසිය තමයි තිස්ස අයිය. පස්සෙ හිමින් හිමින් ඒ ගෙදර කුස්සියටම යන වරම් මටත් ලැබුණ. රෑ 12න් පස්සෙ මාත් එක්ක පානදුරා ගිය ඕනෑම මිත්රයෙක්ට තිස්ස අයිය හබ්බවෙලා ඇති. 

අපි බොහෝ දේ කතා කළා. ඕෆ් ද රෙකෝඩ්. තිස්ස අයියගෙ සරලකම කියන්නෙ ඔහු කවදාවත්ම කිසිකෙනෙක්ට නින්දා කරන්න හෝ අපහාස කරන්න වචන තේරුවෙ නෑ. ඔහු හැම දේම කිව්වෙ ආදරයත් එක්ක. නමුත් මං දන්නවා ඔහුගෙ ඒ අහිංසකකම, සරලකම, මොන තරම් කැත විදිහට සූරා කෑමට ලක්වුණාද කියන එක. ඔහු නිසා සංගීතඤයො වෙච්ච අය ගැන කවුරුවත් දන්නෙ නෑ. ඔහු ගහපු සෙට් උඩට ඇවිත් ඇට් කරපු සංගීතඥයො අවම වශයෙන් ඔහු වෙනුවෙන් තම ආදරයවත් පළ කළේ අන්තිම විරල විදිහට. 

ඊයෙ බුකියට අහම්බෙන් ගොඩ වුණාම කපිල එම්.  ගමගේ ඔහු ගැන ලියල තියෙන සටහන දැක්ක. කපිල මෙහෙම ලියල තිබ්බ.


‘‘ ඔහු මවිසින් රචනා කෙරුණු "සූරියවැව පොලට ගිහින්" ළමා ගීයකට ඉතා අපූරු තනුවක් නිර්මාණය කළා. ඒ පටිගත කිරීම කළ රාත්‍රියේ ඔහුව ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට පානදුරට යවන්නට අප ගත් වෙහෙස ආනන්දජනක මතකයක්.‘‘ 

අන්න එහෙම පානදුරට ආපු කෙනා එක්ක තමයි මං ඇසුරු කළේ. ඔහු එක්ක, ඔහු ගැන, ජීවිතය ගැන, සංගීතය ගැන කප්පරක් දේ කතා කළත් ඒ කිසිම දෙයක් මාධ්‍යයට ඇවිත් කතා කරන්න ඔහුට ඕනි වුණේ නෑ. ඔහු කැමති වුණේ නෑ ඒ සරල ජිවිතයෙන් අත්මිදෙන්න. කොටින්ම චරිතයක් වෙන්න. ඔහු වයලීනය අතෑරල අර ගන් එක ඉස්සර ඉඳන් ඉන්න එක ගැන මං වාද කළා එක දවසක් මහ පාන්දරක. ඔහු අර ඇස් ඉරටු කරලා දාන ඔහුටම අනන්‍ය හිනාව දාල ‘‘හරි හරි බං ඔහොම තමයි ඕව වෙන්නෙ‘‘ කිව්ව. ඒ කතාවෙ තිබුණ ඔහුට අත්වුණු ඉරණමේ සමස්ථය.


මං ‘සියත‘ පත්තරේ ඉන්න කාලෙ දවසක් අන්තිම අමාරුවෙන් ඔහුව කැමති කරගත්ත ඕෆ් ද රෙකෝඩ් පදනම බිඳගත හැකි කතාබතාවකට. ඒ කතා බහෙන් කොටසක් සංවාදයක් විදහට ලිව්ව. 

තිස්සසිරි පෙරේරා කළ රමනීය තනු වලින් කොටසක් කපිලගෙ පෝස්ටුවෙ තිබ්බ. ඒවා ඇත්තටම රමනීය තමයි. නමුත් තිස්ස කියන්නෙ මේ සියලුම තනු වලට වඩා රමනී තනුවක් වෙච්ච මිනිහෙක්. 

තිස්සසිරි අයියෙ ඔබට සුබ ගමන්.

මැතිව් ප්‍රනාන්දු සහෝදරයා! සැලියුට්!!!

  1995 ලංකාදීප පත්තරේ ප්‍රමුඛ විජය පත්තර ආයතනය තුළ අපි කරපු වෘත්තීය අරගලය විසින් පත්තරකරයො ඇතුළු හතළිහකගෙ විතර රස්සා අහිමි කෙරුණා. වැඩියෙන්ම...