අජ්ජාගෙයි මගෙයි පත්තරකාර අද්දැකීම් ‘මෙමුවා‘ වකට ගත
යුතු යැයි මම සිතමින් ඉන්නෙ. දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුව තෙක් ද,
ගාලු මුවදොර ඉඳන් සංගමන් කන්ද දක්වා ද, ගොඩිබිමට
යා නොවූ බත්තලංගුන්ඩුවේ සිට කොකිලායි දක්වා ද, අප දෙදෙනා
පය නොගැසූ තැනක් නැතුවා තරම්. ඒ නම් ‘මෙමුවා‘ වත තැබිය යුතු අද්දැකීම්
සම්භාරයෙක්.
අජ්ජා තවමත් සක්රිය
පත්තරකාරයෙක්. වයසින් අප දෙදෙන සමාන්තර වුවත් වෘත්තීමය වශයෙන් ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයෙක්. තවමත් අභිතව කඳුළු ගෑස් ප්‍රහාරයන්ට
හා ජල ප්‍රහාරයන් මැද තම කැමරාව ළෙලවන්නෙක්. ඔහුගේ දැන්
දැන් පින්තූර වඩ වඩා පරිසමාප්තියට පත්වෙමින් තියෙන්නෙ කියලා මට හිතෙනවා.
මේ සියල්ලටම පරයා නැඟෙන අජ්ජාගේ සජීවි ලකුණු තුනක් තියෙනවා.
1. ආදරයෙන් ඇළලෙන මඳහස.
2. වනචරකමින් ඇවිලෙන බැල්ම.
3. සන්තානයේම ඇමිණෙන කඳුළ.
මචං,
බඩේ බැඳපු ෂොට්ටෙක වාසනාවන්
අපේ පරණ සැට්ටෙක වාසනාවන්
උඹේ යාළු ෆිට්ටෙක වාසනාවන්
අනේ නුවර බස්සෙක වාසනාවන්
වෙඩ්ඩා
2016 සැප්තැම්බර් 21
