Friday, 22 May 2020

ඉතින් කැටුව ආවෙද ඔබ කෝමළනි



























ඔබ, කවිය අත්හරින්නට තීන්දු කළ දා, ලොකු අයියේ මම ඔබට මෙසේ ලීවෙමි.

''පපුව තියෙන තැන මම දන්නෙමි තාම
සපථ කරන්නෙමි කවෙකිනි ඉඳුරාම
උපැස විනිවිදිමි මඳහස උදෙසාම
මෙකව මෙතැන නවතන්නට දෙමි කෝම?''

ඉදින් අපි විටින් විට කතා කළෙමු. 

රිදෙන හදවත විසින් ලියැවෙන යමක් වේ නම් ඔබ හැම නිතරම මට ඊ ලියමනකින් එය එව්වේ ය. පළ කිරීමේ උකටලී බවට එරහිව මම ආදරබර සන්ඩු සරුවල් දියත් කළෙමි. මගේ නො හික්මුණු කෑ කෝ ගැසීම් ඉදිරියේ මට පෙනුණේ ඔබේ ඒ හික්මුණු ගැඹුරුතර මඳහස ය.

මම දැන් අලුත් පොත කියවමින් සිටිමි. 

 කවක් කවක් පාසා ඇසෙන්නේ, ඔබ සන්සුන් ම හිනාවකින් විඳ දරා ගන්නා ‘නිහඬතාවයේ හඬ’ ය. රිදවෙන්නේ මා තුළ වන ‘වේදනා සදන තැන’ ය.

ඉදින් ලොකු අයියේ මම මේ මොහොතේ මගේ ආදරය සනිටුහන් කරලන්නට ‘රයිෆලයට තවත් පතුරමක් ඔබමි’.

''හිතින් සළු ලිහමි ගඟබඩ ආදරෙනි
නිතින් පෙනෙයි ගඟ වක්වනු මා තුළිනි
සඳුන් සුවඳ පැදි මැද පෙම විහිදමිනි
ඉතින් කැටුව ආවෙද ඔබ කෝමළනි''

2020 මැයි 22

No comments:

Post a Comment

මැතිව් ප්‍රනාන්දු සහෝදරයා! සැලියුට්!!!

  1995 ලංකාදීප පත්තරේ ප්‍රමුඛ විජය පත්තර ආයතනය තුළ අපි කරපු වෘත්තීය අරගලය විසින් පත්තරකරයො ඇතුළු හතළිහකගෙ විතර රස්සා අහිමි කෙරුණා. වැඩියෙන්ම...